Thursday, April 19, 2012

පියසෙනෙහසට කවි ගී ලියවුනා මදිද...



කාලෙකින්  මුකුත් ලියන්නත් බැරිඋනා. මේ දවස්වල මලීට ටිකක් වැඩ වැඩි. ඒත් ඉඩක් ලැබුනු වෙලාවට මූනු පොත පැත්තෙ රවුමක් දානවා. ඒ වෙලාවක තමා මට යාළුවෙක් එවල තිබුන මේ ඡායාරූපය දකින්න ලැබුනෙ. ඉතින් මොනවහරි ටිකක් ලියන්න හිතුනා. මේ ඡායාරූපය හරිම සංවේදීයි නේද. “පියසෙනෙහසට කවි ගී ලියවුනා මදී” කියල ටී.එම් ජයරත්න මහත්මයා කිව්වේ මේ වගේ දයාබර පියවරුන් දැකල වෙන්න ඇති. තම දරුවන් වෙනුවෙන් තමන්ගේ ඇට, ලේ, මස්, නහර පුරාම ආදරය දෝරෙගලන පියවරුන් වෙනුවෙන් එතුමාට මීට වඩා උපහාරයක් නැතැයි කියල එතුමාට හිතෙන්න ඇති.

ඒත් ....අවාසනාවකට ඉතාම සංවේදී සිදුවීම් පහුගිය දිනවල පුවත්පත්වල පලවුනා ඔයාලගෙත් නෙත ගැටෙන්න ඇති.තමන්ගේ ලෙයින් ජාතකවුන තමන්ගේ දියණියව පියා විසින්ම දූෂණය කරපු අවස්ථා තිබුනා. ඒ අහින්සක දූවරුන් මවක් වූ අවස්තාද පලවුනා. පීතෘත්වය යන උත්තරීතරත්වයටම ශාපයක් වන මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට ලැබීම මොනතරම් අභාග්‍යක්ද? මේවා දකින්නත් අහන්නත් අපි ජීවත්උනානේ කියල හිතෙන්නේ එතකොට තමයි.

මතින් මත්වී කාමයෙන් අන්ධවී අවුරුද්දේ දෙකේ වැනි වයස්වල පුංචි මල් කැකුළු බරපතල ලිංගික අපයෝජනයන්ට ලක්වී තම පියා අතින්  තැලී පොඩිවී අකාලයේ මිලිනවී ඇති අති අන්දම නොයෙකුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අපට අසන්නට දකින්නට ලැබුනා. මේ අතරත් අවාසනාවන්තම සිදුවීම නම් මෙසේ මිලින වන්නේ රැකියා සඳහා විදේශගතවූ මවුවරුන්ගේ දරුවන් වීමය. අද වනවිට රජය විසින් වයස අවුරුදු 18 ට වඩා අඩු ළමයින් සිටින මවුවරුන් විදේශගත වීමේදී එම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කලයුතු බවට නීතියක් පනවා තිබේ. නමුත් මේ තත්වය ප්‍රායෝගික නොවන බව අපට පෙනීයන කරුණකි. එ සේනම් අප කුමක් කලයුතුද? එ සේනම් ඒ සඳහා නීතියම ප්‍රමානවත් නොවේ. සමාජමය වශයෙන්  වු කාර්යභාරයක් සිදුකල යුතුය. මනුෂ්‍යයා සාරධර්ම අතින් පෝෂණය විය යුතුය. එය අප සැමගේම කාර්භාරයයි.

නමුත් ඉතා පැහැදිලිවම කිවයුත්තකුත් තිබේ. එනම් මේ සමස්තයක් පියවරුන් හා දියණියන්ගේ කථාව නොවේ. මවවිදේශගතවූ ඇතැම් පවුල්වල මවගේ හා පියාගේ ආදරය රැකවරනය තම දරුවන්ට  ලබා දෙමින් දරුවන්ව තම පණ මෙන් රැක බලා ගන්නා පියවරුන් අන්නතවත් සිටී. අල්හාජ් මොහිදින් බෙග් මහත්මයා ගායනා කරපු ගීතයක් මට මතක්වුනා. “මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ...මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..”

අපි කවුරුත් දෙමවුපියන්ගේ ආදරය රැකවරණය ලබන්න ගොඩක් කැමතියි. දරුවෙකුට උතුම්ම දේත් එයයි. කොයිතරම් අනේකවිද දුක් කම්කටොළු විඳගෙන තම දරුවන් වෙනුවෙන් කැපවෙන දෙමවුපියන් මතු බුදුවුනත් මදි.මටත් මේ ඡායාරූපය දැක්කම එහෙමයි හිතුනේ.

ඔයාලගෙන් ලැබෙන අදහස්  මලීට ගොඩක් වටිනවා. ඒ වෙනුවෙන් සටහනක් තියන්න අමතක කරන්නෙපා.

1 comment:

  1. මලී .. අද ලියල තියෙන්නෙ කතා කල යුතුම කරුණු කීපයක්. මේ වා සමාජ සංස්කෘතීන්තුල ගිලිහී යන බරපතල ගැටලු.
    විහේෂයෙන්ම මේ ලිංගික අපචාර වලට ගොදුරුවෙන්නෙ විදේශගතවූ මව්වරුන්ගෙ දරුවන්. මෙහි ආර්තික පැත්ත වගේම තමතමන්ගේ ලිංගික වශ්‍යතාවයන් සමාජය තුල වැඩිවෙන එක ට මේ දරුවන් වග කිව යුතුද කියල අහන්න වෙනවා.
    විවාහ වෙලා තරුණ වය‍සෙ මව්වරුන් සැමියන් හැර විදේශගතවීමත් ගැටලුවක්.

    කොහොම වුණත් මව්පිය ගුණවරුණ ගැන කියවෙන ගි අනනත්වත් තියෙනවා ඒත් එවා යට ගිහින්
    මලීගේ පෝස්ට් එක ලස්සනයි වැදගත් සහ කතාකළ යුතුම අදහසක්

    ReplyDelete