Monday, May 28, 2012

අපේ පැඟිරා


අපේ ඉස්කෝලෙ යාළුවො ටික මේ ළඟදි සෙට්උනානෙ. පට්ට ආතල් හො‍ඳේ. හැබැයි මුන් ටිකව සෙට් කරගන්න සෑහෙන ගේමක් දෙන්න වුනා. සෑහෙන කාලෙකුත් ගතවුනා. මොකද දැන් කස්ටිය එහේ මෙහේ විසිවෙලානේ. අවුරුදු ගානකින්වත් සමහරුන්ව දැක්කෙ නෑ. සමහරුන්ව දැක්කත් අඳුරගන්නත් බෑ ඇයි දන්නවද ඉස්කෝලෙ යන කාලේ පන් ගස් වගේ හිටපු එවුන් දැන් අලි පැටවු වගේ. ඉතිං එදා පාටිය නම් නැගලම ගියා. හැබැයි මටත් ඒ වෙනුවෙන් දවස්ම තුනක් නිවාඩු දාන්න වුනා. මොකටද දන්නවද? පලවෙනි දවස යාළුවො සෙට් එකත් එක්ක පාටියට (කාලෙකින්නේ හම්බඋනේ නේද?) දෙවෙනි දවස වමනේ දාන්න ( අහන්නෙපා මොකද කියලා) තුන්වෙනි දවස කලින් දවසේ වමනෙ දාපු අමාරුවට රෙස්ට් කරන්න.
ඉතිං ඉස්කෝලෙ යන කාලෙ  අපිට වෙච්ච දේවල් කතා කරද්දි මතක් කරපු කතාවක්  තමයි මම මේ කියන්න හැදුවෙ. ඔන්න අහගනිල්ලකො එහෙනන්....
මේක වුනේ අපි සාමාන්‍යපෙල කරන කාලෙ. හරිම නෂ්ට වයස. අපේ සෙට් එකේ හිටියා කොල්ලොම දහයක්. කොහේ ගියත් මොනව කලත් අපි එකටම තමා. අපේ හිටපු අන්තිම එකා තමා මේ “පැඟිරා” කියන්නේ. මේකා ප්‍රමානෙනුත් හරිම පොඩියි. පොත පතේ වැඩටත් හරිම කම්මැලියා. හැබැයි හරි අවංකයි. මොනව උනත් පාවල දෙන්නෙ එහෙම නෑ. පන්තියට එන ගුරුවරයට පීරියඩ් එකෙන් භාගයක්ම යනකන් කරන්න වෙන්නේ මේකව හොයන එක. මිනිහ මේ පංතියෙ ඉන්නව  ඇහි පිය ගහන මොහොතට මේකා පනිනව පන්තියෙන් එලියට. ඒ පැනල ගිහින් පාඩුවෙ ඉන්නවනම් බැරියැ. කාත් එක්ක හරි කොක්කක් දාගන්නව. ඉතිං අපිත් පැටලෙනව. අන්තිමට ප්‍රින්සිපල් සර්ගෙන් අම්බානක සංග්‍රහ භුක්ති විඳිනව. අපේ සෙට් එක මට කියන්නෙ “මලී” එහෙම නැත්නම් “මලියා” කියල. ඉතිං දවසක් අපේ එකෙක් කිව්වා “ මලියා පුස්තකාලේ පිටිපස්සේ මැන්ගුස් ගහේ මැන්ගුස් පිරිලා කඩමුද?” කියලා. ඒ වෙලාවෙ අපේ පංතියට අදාල ගුරුවරය හිටියෙත් නෑ. මමත් වැඩේ අනුමත කලා. ඔන්න ඉතිං අපිසේරම වැඩේට බැස්සා. මුලින්ම කලේ ප්‍රින්සිපල් සර් ඉන්නෙ කොහෙද කියල හොයපුඑක. සර් කාර්යාලෙත් නෑ. වාහනෙත් නෑ. කට්ටියම හිතුවා ලොක්ක එලියට ගිහින් තමා කියල. දැන් බය නෑ යකාටවත්. අපේ එවුන්ගෙන් ගස් යන්න පුලුවන් පැඟිරට විතරයි. මල පොතේ අකුරක් බැරි උනාට මූ ගස්යන්න වඳුරන්ටත් උගන්නයි. ඒතරං සූරයා.
අපේ ප්‍රින්සිපල් සර් හොඳ හයේ හතරේ පොරක්. නෙලන්න හිටියහම හෙන ගහනවා වගේ. මුකුත්නෑ පාරක් කෑවහම තිස්තුන්දාහ වැදුනා වගේ තමා. 
ඔන්න දැන් පඟිරා ගහට නැග්ගා. නැගල හිටන් මැන්ගුස් කඩ කඩා දානවා. අපි ගහ යට ඉඳන් කඩන කඩන ගෙඩිය කනවා. මාර රසයි ඈ... කට්ටියට දැන් කොච්චර කෑවත් මදි. ටිකක් වෙලා ගිහින් පැඟිරා අහනවා “දැන් ඇද්ද මචං” කියලා. අපි “තව කඩහන් තවකඩහන්” කියනවා. ඉතිං මූ ආයෙත් කඩනවා. දැන් පැඟිරා උඩටම නැගලා. කොල ගාල නිසා බිම පේන්නෙ නෑ. ඒකයි ටිකකින් අහන්නේ “දැන් ඇද්ද මවං” කියලා. අපේ එවුනුත් පෙරේත කමට “තව කඩහන් තව කඩහන්” කියනවා.

මහ වෙලාවක් ගියෙ නෑ මෙන්න බොලේ පුස්තකාලේ එහා කෙරවලෙන් ප්‍රින්සිපල් සර් මතුවුනා. කර කියාගන්න දෙයක් නෑ කට්ටියම පැනල දිව්වා. පැඟිර ගහේ. මූ දන්නෙ නෑ මෙලෝ සංසාරයක්. ඌ මැන්ගුස් කඩනවා. අපි දුවල ගිහින් තාප්පෙකට මුවා වෙලා බලා හිටියා මොකද වෙන්නෙ කියලා. අනේ අපේ අසරණ පැඟිරා ඉවරයිනෙ. ප්‍රින්සිපල් සරුත් ගහ යටට ආවා. ගහට අත්දෙක තියල උඩ බලාගෙන මොන මොනවද කියනව අපි දැක්කා. ටිකකින් මෙන්න බොලේ පඟිරා ගහෙන් බහිනවා ඇඹරි ඇඹරි. ගහ යට තිබ්බ ‍ගෙඩි ටිකකුත් අහුලගත්තා. දැන් සර් ඉස්සර වෙලා යනවා පැඟිරා පස්සෙන් යනවා. දෙන්නම ගියේ ප්‍රින්සිපල් සර්ගෙ කාර්යාලෙට. අපි නම් හිතුවෙ අද පැඟිරගේ මාරකයක් තමයි කියල. ඒ විතරක්යැ මේක අපි ගැන කිව්වොත් අපිත් ඉවරනේ.

මාරම පුදුමෙ කියන්නෙ එදා ප්‍රින්සිපල් සර් මේකට ගහල නෑ.  දඬුවමක් හැටියට මල් ගස්චලට වතුර දාන්න කියලා. අපිට ඕනේ ගහ යට ඉඳන් සර් මූට මොනවද කිව්වෙ කියල දැනගන්නයි. සර් මූට ගැහුවෙ නැත්තෙ කියල දැනගන්නයි. ඉතිං මේකා පංතියට ආපු ගමන්ම අපේ එවුන් වට කරගෙන වෙච්ච දේ අහනවා. මූ අපිට පල් පතුරු යන්න බනිනවා. අපිත් එක්ක හොඳටම තරහ වෙලා. දාල දිව්ව කියලා. හැබැයි පැයකින් දෙකකින් අයෙ ෂේප්උනා. පැඟිරටත් අපි නැතුව බෑ මොකද කොකු දාගත්තම බේරගන්න කෙනෙක් නෑනෙ. මොනව උනත් හොඳ එකා.  අපිට ඉල ඇදෙන්න හිනා. ටිකකින් මේකගේ කේන්තිය නිවුනම කතාව කියන්න ගත්තා.
මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ. අපි සර් එනකොට පැනල දිව්වනේ පැඟිරා ඔය වගක් දන්නෙ නැහැනේ. මු ඉතිං ඇහුවලු “දැන් ඇති නේද මචන්” කියලා ගහ යට හිටියේ ප්‍රින්සිපල් සර් නෙ. සර් කියනවලු “මට නම් ඇති උබට ඇතිනම් බැහැපන්” කියලා. පැඟිරා බැලුවලු කාගෙද බොලේ මේ ගොරෝසු කටහඬ හැබැයි අහල හුරුයි වගේලු.ගහේ කොල නිසා බිම පේන්නෙත් නැති නිසා මේකා උඩ ඉඳන්ම ඇහුවලු “ උඹ කවුදබන්” කියලා. සර් කියනවලු “ ආ..බැහැපන්කෝ පෙන්නන්න මං කවුද කියලා” කියල.“මල හත්තිලව්වයි යකෝ මේ පිනානෙ” කියල මූට බයටම කියවිලා. දැන් මේකව වෙවුලනවලු. බහින කොටම සම්මාන ඇතුවම හම්බු වෙනබව දන්නවනේ.
 මොනව උනත් මේක අම්බ කපටියා. ඕනේ කෙනෙක්ව අල්ලගන්න දන්නවා. මූව දැක්කමත් හරි අහින්සක පාටයි. ඒ වුනාට කරන්නෙ මගෝඩි වැඩමයි. ඉතිං පැඟිරා ගහේ ඉඳන් කියනවලු “අනේ බුදුසර් මං නොකෑවනන් වෙන මොකා හරි කනවනේ. අනික කුනුවෙලා ගියානන් අපරාදෙනේ” කියලා. සර් මේකගේ හැටි දන්නව උනත් ඒ කියපු විදිහට සර්ටත් හිනාලු. ඒපාර කිව්වලු “හ්ම්.. එහෙනන් ඔය ඉතුරු ගෙඩි ටිකත් අරගෙන වරෙන් ඔ‍ෆිස් එකට” කියලා.
එදා වැඩේ වැරදුනේ සර්ගේ වාහනේ තිබ්බෙ නැති හින්දනේ. අපි හිතුවෙ සර් එලියට ගිහින් කියලා. බැලින්නන් එදා සර් ඉස්කෝලෙට ඇවිල්ල වාහනේ සර්විස් එකට යවලා. ඉතිං අපි දන්නවයැ හත්තිලව්වෙ මේ කතන්දරයක්. හැබැයි එදා වෙච්චදේනම් පට්ටම ආතල්. වැඩේ කියන්නෙ අපිට පැඟිරව යාලුකරගන්න මාරම ගේමක් දෙන්න වුනා.යටත් ආවා. දැන් බැඳලා ළමයෙකුත් ඉන්නවා.

ඔන්න ඒකයි පැඟිරගේ  කථාව. ඉස්කොලෙ යන කාලෙ වෙච්ච දේවල් ගත්තම පොතක් ලියතැහැකි. මං හිතන්නෙ අපි හැමෝටම එහෙම තමා. ආයෙ දවසක වෙන කථාවක් කියමුකෝ. දැන් හොඳ ළමය වගේ කොමෙන්ටුවකුත් දාලම යන්නකෝ....... 



Thursday, April 26, 2012

≈ වැරදුන තැන ≈


හැමදාම ලිපිම ලියන එකේ අද හිතුනා කථාවක් ලියන්න. මේක අපි බස් එකේ යද්දි අපේ සෙට් එකේ යාළුවෙක් කියපු කථාවක්. පැය දෙකහමාරක් විතර ගමනට යන නිසා පිස්සු විකාර කරකර තමා යන්නේ. වැඩි කතා නැතිව කතන්දරේ කියන්නම්කෝ.... මෙන්න මේකයි බොලේ කථාව.
ඔන්න එකෝමත් එක රටක , එකෝමත් එක ගමක හිටියලු දඩයක්කරයෙක්. මෙයා කරන්නේ කැලේට ගිහින් සත්තු දඩයම් කරල සිදාදියට ඒවා විකුණන එකයි. ඉතින් මෙයාට හිටියලු පුතෙක්. එයාට වයස අවුරුදු හයක් හතක් විතර ඇතිලු. කොල්ලා හෙන දඟයලු. මේකටත් හිතුනලු තාත්තත් එක්ක දඩයමේ යන්න. ඉතිං මු තාත්තා ළඟට ඇවිල්ලා කියනවලු “ අනේ තාත්තේ අද මාවත් එක්කගෙන යන්නකෝ... මාත් ආසයි දඩයමේ යන්න” කියලා. තාත්තා දන්නවනේ මෙකගේ හැටි එක තප්පරයක්වත් නිකන් ඉන්නෙ නැති එකා එක්ක කොහොමද දඩයමේ යන්නේ. එහෙම හිතල තාත්ත කියනවලු මේකව බය කරන්න “ පිස්සු කතාකරන්නෙපා පුතේ ඔයාව කොහොම එක්කගෙන යන්නද කැලේ මහ බයානක සත්තු ඉන්නවා. ඊටත් වඩා දඩයම් කරද්දි සද්ද නැතුව ඉන්න ඕනේ. ඒකහින්ද මගෙපුතා ගෙදර ඉන්න” කියලා. ඒ වුනාට කොලුවත් ලපටියෙන් අරින්නේ නැතිලු මූටත් ඕනේ කොහොම හරි දඩයමේ යන්නමයි. අන්තිමට තාත්තට වැඳල වගේ මේකා කියනවලු “ අනේ තාත්තෙ මම සද්ද කරන්නේ නැතිව ඉන්නම්. මං බය වෙන්නෙත් නැතුව ඉන්නම්. අනේ මාවත් එක්කරගෙන යන්නකෝ” කියලා. අන්තිමටම තාත්තටත් කියල කියල බැරිම තැන කැමති උනාලු මේකව දඩයමේ යද්දි එක්කරගෙන යන්න.

ඔ න්න ඉතිං දෙන්න සුබ මොහොතින් රාහු කාලෙ එහෙම මග ඇරල දඩයමේ යන්න  පිටත් උනාලු. කැලේට ඇතුල්වෙද්දිම තාත්ත පුතාට කියනවලු “ ඔන්න කොලුවෝ මොන දේ උනත් කෑගහන්න සද්ද කරන්න එහෙම එපා” කියලා. කොලුවත් “ හරි තාත්තේ මම සද්ද නැතුව ඉන්නම් ” කියල පොරොන්දු උනාලු. ඉතිං මෙහෙම දෙන්නත් එක්ක කැලේ ඇතුලට ඇවිදගෙන යද්දි දැක්කලු ඈත මුමෝ රංචුවක් ඉන්නවා. තාත්ත කොල්ලට කිව්වලු “ පුතේ එහෙනම් ඔයා මෙන්න මේ ගහ යටින් වාඩිවෙලා ඉන්න. හැබැයි කොහේවත් යන්නවත් සද්ද කරන්නවත් එපා” කියලා. තාත්තා මෙහෙම කියලා කොල්ලව ගහ යටින් වාඩිකරවලා තාත්තා ගියාලු මුව රංචුව ඉන්න පැත්තට.

 හොඳට හැදුන තඩි මුව නාම්බෙක්ට ඉලක්ක කරලා වෙඩිතියන්න හදනකොටම...... “බුදු අම්මෝ මා නැතෝ.....!” කියල කොල්ල කෑගහන්න ගත්තලු.මුවෝ ටික පැනල දිව්වලු. තාත්තට යකා නැග්ගලු. යක්සාරූඩ වෙලා කොල්ලගෙන් මෙහෙම අහනවලු. “ ඈ බොල තොට මං සංහලෙන් කිව්වා නේද කෑගහන්න, සද්ද කරන්න එපා කියලා. මොකද යකෝ කෑගැහුවේ. බලපිය අද දඩයමක් කරගන්නත් නැතිවුනා” කියලා. කොල්ලා බොහොම බයාදු අසරණ විදිහට තාත්තට කියනවලු “ අනේ තාත්තේ බනින්නෙපා තාත්ත දන්නෙ නැහැනේ මට වෙච්චදේ” කියලා. තාත්තට තවත් මල පැන්නලු. “ එහෙනම් කියපිය බලන්න තොට වෙච්චදේ” කියලා තාත්තා කිව්වලු. ඔන්න ඉතිං අපේ මේ කොලු පැටියා ඌට වෙච්ච ඇබැද්දිය කියන්න පටන්ගත්තලු මෙන්න මෙහෙම.....

“ ඔන්න තාත්තේ මම මෙතන වාඩිවෙලා ඉන්න කියලා තාත්තා ගියානේ. ඉතිං මං මෙතන වාඩිවලා සද්ද නැතුව හිටියා. ඔහොම ඉන්නකොට මහ සද්දන්ත කොටි නාම්බෙක් පැන්නනේ දත් විලිස්සගෙන මගේ ඉස්සරහට. පැනලා මහ හයියෙන් ගොරව ගොරව මගේ ඇඟට පනින්න හැදුවා. ඒත් මං හෙල්ලෙන්නේ නැතිව සද්ද නැතුව හිටියා. පස්සේ ඌටම එපා වෙලා යන්න ගියා. ඊට පස්සේ  ඔන්න තඩි වලහෙක් ආවා ඇවිල්ලා නියපොතු දික්කරලා මාව හූරන්න හැදුවා. මට ගොරවලා මගේ ඇඟට පනින්න හැදුවා. ඒත් මං සද්ද කලේ නැහැ. ඔන්න ඊට පස්සේ තඩි පිඹුරෙක් මේ ගහෙන් වැටුනා මගේ ඇඟට. වැටිලා ඌ මාව ලොගෙන ගිලින්නනේ හැදුවේ... ඒත් මං සද්ද නැතුවම හිටියා. පස්සේ ඌටම කම්මැලි හිතිලා වෙන්නැති යන්න ගියා.” තාත්තාට දැන් රතු කට්ටත් පැනලලු. ඒ මලෙන්ම කොලුවගෙන් අහනවලු “ එහෙනම් යකෝ මොන අහවල් එකකටද තෝ බෙරහන් දුන්නේ” කියලා.  කොල්ලා කියනවලු “ පොඩ්ඩක් ඉන්නකෝ තාත්තේ මං තාම වෙච්චදේ කියල ඉවර නැහැනේ” කියලා.

“ඔන්න  පිඹුරා ගියාම මං ඉතිං සද්ද නැතුව ගහ යටට වෙලා හිටියා. ඔහොම ඉන්නකොට ලේන්නු දෙන්නෙක් ආවා. කොටින්ට වලස්සුන්ට පිඹුරන්ට බයනැති මං මේ ලේනුන්ට මොකට බය වෙන්නද කියලා සද්ද නැතුව හිටියා. ඉතිං මේ ලේන්නු  දෙන්නා මගේ ළඟටම ආවා. මං සද්ද නැතුවම හිටියා. පස්සේ මේ ලේන්නු දෙන්නා මගේ කකුල දිගේ උඩටම නැග්ගා. මං ඒත් සද්ද කලේ නැහැ. පස්සේ මුන් දෙන්නා මගේ අර අතෙන්ටම ආවා. ඒ ත් මං සද්ද කලේ නැහැ. ඊට පස්සේ මට  මෙහෙම සද්දයක් ඇහුනා “ ඈ තාත්තේ අපි මේ දෙක දැන් කනවද ගෙදර අරන් ගිහින් කනවද ” කියලා. අනේ බුදු තාත්තේ.....මට ඒ පාර තමා කෑගස්සුනේ. ඒ ‍විතරක් නෙමේ මට කලන්තේ නොහැදුනා විතරයි. මේ..මේ... බලන්න මගේ  ඇගේ මයිල් කෙලින් වෙලා තියෙන හැටි. මතක් වෙද්දිත් අයියෝ.....අනේ.... බුදුඅම්මෝ....

ඔන්න ඕකයි කතාව. පට්ට නේද? හැබැයි බලලා හිනා වෙලා නිකන් ඉන්නෙපා කමේටුවක් දාලම යන්න හො‍දේ.

Thursday, April 19, 2012

පියසෙනෙහසට කවි ගී ලියවුනා මදිද...



කාලෙකින්  මුකුත් ලියන්නත් බැරිඋනා. මේ දවස්වල මලීට ටිකක් වැඩ වැඩි. ඒත් ඉඩක් ලැබුනු වෙලාවට මූනු පොත පැත්තෙ රවුමක් දානවා. ඒ වෙලාවක තමා මට යාළුවෙක් එවල තිබුන මේ ඡායාරූපය දකින්න ලැබුනෙ. ඉතින් මොනවහරි ටිකක් ලියන්න හිතුනා. මේ ඡායාරූපය හරිම සංවේදීයි නේද. “පියසෙනෙහසට කවි ගී ලියවුනා මදී” කියල ටී.එම් ජයරත්න මහත්මයා කිව්වේ මේ වගේ දයාබර පියවරුන් දැකල වෙන්න ඇති. තම දරුවන් වෙනුවෙන් තමන්ගේ ඇට, ලේ, මස්, නහර පුරාම ආදරය දෝරෙගලන පියවරුන් වෙනුවෙන් එතුමාට මීට වඩා උපහාරයක් නැතැයි කියල එතුමාට හිතෙන්න ඇති.

ඒත් ....අවාසනාවකට ඉතාම සංවේදී සිදුවීම් පහුගිය දිනවල පුවත්පත්වල පලවුනා ඔයාලගෙත් නෙත ගැටෙන්න ඇති.තමන්ගේ ලෙයින් ජාතකවුන තමන්ගේ දියණියව පියා විසින්ම දූෂණය කරපු අවස්ථා තිබුනා. ඒ අහින්සක දූවරුන් මවක් වූ අවස්තාද පලවුනා. පීතෘත්වය යන උත්තරීතරත්වයටම ශාපයක් වන මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට ලැබීම මොනතරම් අභාග්‍යක්ද? මේවා දකින්නත් අහන්නත් අපි ජීවත්උනානේ කියල හිතෙන්නේ එතකොට තමයි.

මතින් මත්වී කාමයෙන් අන්ධවී අවුරුද්දේ දෙකේ වැනි වයස්වල පුංචි මල් කැකුළු බරපතල ලිංගික අපයෝජනයන්ට ලක්වී තම පියා අතින්  තැලී පොඩිවී අකාලයේ මිලිනවී ඇති අති අන්දම නොයෙකුත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් අපට අසන්නට දකින්නට ලැබුනා. මේ අතරත් අවාසනාවන්තම සිදුවීම නම් මෙසේ මිලින වන්නේ රැකියා සඳහා විදේශගතවූ මවුවරුන්ගේ දරුවන් වීමය. අද වනවිට රජය විසින් වයස අවුරුදු 18 ට වඩා අඩු ළමයින් සිටින මවුවරුන් විදේශගත වීමේදී එම දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කලයුතු බවට නීතියක් පනවා තිබේ. නමුත් මේ තත්වය ප්‍රායෝගික නොවන බව අපට පෙනීයන කරුණකි. එ සේනම් අප කුමක් කලයුතුද? එ සේනම් ඒ සඳහා නීතියම ප්‍රමානවත් නොවේ. සමාජමය වශයෙන්  වු කාර්යභාරයක් සිදුකල යුතුය. මනුෂ්‍යයා සාරධර්ම අතින් පෝෂණය විය යුතුය. එය අප සැමගේම කාර්භාරයයි.

නමුත් ඉතා පැහැදිලිවම කිවයුත්තකුත් තිබේ. එනම් මේ සමස්තයක් පියවරුන් හා දියණියන්ගේ කථාව නොවේ. මවවිදේශගතවූ ඇතැම් පවුල්වල මවගේ හා පියාගේ ආදරය රැකවරනය තම දරුවන්ට  ලබා දෙමින් දරුවන්ව තම පණ මෙන් රැක බලා ගන්නා පියවරුන් අන්නතවත් සිටී. අල්හාජ් මොහිදින් බෙග් මහත්මයා ගායනා කරපු ගීතයක් මට මතක්වුනා. “මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ...මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..”

අපි කවුරුත් දෙමවුපියන්ගේ ආදරය රැකවරණය ලබන්න ගොඩක් කැමතියි. දරුවෙකුට උතුම්ම දේත් එයයි. කොයිතරම් අනේකවිද දුක් කම්කටොළු විඳගෙන තම දරුවන් වෙනුවෙන් කැපවෙන දෙමවුපියන් මතු බුදුවුනත් මදි.මටත් මේ ඡායාරූපය දැක්කම එහෙමයි හිතුනේ.

ඔයාලගෙන් ලැබෙන අදහස්  මලීට ගොඩක් වටිනවා. ඒ වෙනුවෙන් සටහනක් තියන්න අමතක කරන්නෙපා.

Friday, March 30, 2012

කාන්තාරයේ නැව


කාන්තාර දිවියකට මනාව හැඩගැසුණු සත්වයකු මෙන්ම ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ විශේෂ හැකියාවක්ද ඇති සත්වයකු ලෙස ඔටුවා හැඳින්විය හැකිය. ඔටුවන් ප්‍රධාන වර්ග දෙකකි. එක් විෂේශයක්නම් ෙඩ්‍රාමඩරි (Dromedary) ඔටුවා වන අතර අප්‍රිකාවේ හා අරාබිකරයේ ජීවත්වේ. නමුත් වර්තමානයේ ගෘහාශ්රි තව පමණක් දැකිය හැකිය. මෙම වර්ගයේ ඔටුවන්ගේ ඇත්තේ එක් මොල්ලියකි.
දෙවන ඔටු විශේෂය බැක්ට්‍රියන් (Bactrian) ඔටුවාය. මොවුහු සොබාහුරු සතුන් ලෙස හෝබි කාන්තාරයේ ජීවත්වේ. මොවුන්ගේ මොල්ලි දෙකක් පිහිටා ඇත. තවද මෙම වර්ගය ආසියානු බැක්ට්රිේයන් ඔටුවන් ලෙසද හඳුන්වයි.
ඔටුවාට නෑකම් කියන තවත් විශේෂ හතරක් තිබෙන අතර ඒවා නම් ලාමා, ඇල්පකා, ගුවනාකෝ, හා චිකුන්ය. මෙම විශේෂ හයම කැමලීඩ්ස් (Camelids) නම් වන අතර සියල්ලෝම ආටියොඩක්ටිලා ගෝත්ර්යේය. නැගිට සිටින විට ඔටුවාගේ උරය තෙක් උස මීටර් 2.4 (අඩි 8ක්) පමණ වේ. උඩු තොලෙහි පැලීමක් ඇති අතර එහෙයින් වියලි කටු සහිත පැළෑටි අනුභව කිරීමට හැකිය.ඇස් පිහාටු දිගට වැවී ඇති නිසා වැලි කුණාටුවලින් ආරක්ෂිතය.එමෙන්ම නාස් විවර වසා ගැනීමට හැකි නිසා නාසය තුළට වැලි හා දූවිලි යෑම වලකා ගත හැකි අතර නාසයේ තෙතමනය රඳවා ගැනීමටද හැකිය. පාද කුර දෙකකින් සැදී ඇති අතර ඒවා යම් දැලකින් යාවී ඇති නිසා වැල්ලේ පහසුවෙන් ගමන්කල හැකිය.
ඔටුවාගේ මොල්ලියේ ජලය ගබඩා කරගෙන ඇතැයිමතයක් පැවතුනද එය අසත්යැයකි. එහි ගබඩා කරගෙන ඇත්තේ මේදයයි. දින ගණන් ආහාර නොගන්නා විට මේදය දියවී අවශ්යැ ශක්තිය ලබා දෙන හෙයින් මොල්ලිය ප්රලමාණයෙන් කුඩා වේ. නැවත ආහාර ලබා ගත්විට එය විශාල වේ. ඔටුවාගේ උදරයේ පැස කීපයක් ඇති අතර ඒවායේ ජලය ගබඩා කරගෙන තබා ගත හැකි නිසා ජලය නොමැතිව දින ගණනක් සිටීමට හැකිය. ජලය නොමැතිව සිටින විට ඔටුවාගේ සිරුරෙන් 40% ක් ක්ෂය වේ. නමුදු ජලය පානය කොට විනාඩි දහයකට පසු පෙර තත්වයට පත්වේ. මෙම සත්වයාට ජලය ඇති දිසාව දැනගතහැකි ඉත‍ා තියුණු  ආඝ්රාවණ ශක්තියක් ඇත.
අරාබි ඔටුවාට වඩා බැක්ට්රියන් ඔටුවාට දේශගුණයේ විවිධ වෙනස්වීම්වලට හා ස්භාවයන්ට ඔරොත්තු දීමේ හා දරා ගැනීමේ හැකියාව වැඩිය. ග්රී ස්ම සෘතුවේදී  උපරිම උෂ්ණත්වයටද ශීත සෘතුවේදී ආක්ටික් දේශගුණික තත්වයකට සමාන දැඩි සීතලක් ඇති ටිබෙට් සානුවේ දේශගුණයද දරා ගැනීමට මෙම බැක්ට්රි යන් ඔටුවාට පුළුවන.
බැක්ට්රි යන් ඔටුවාට 454 kg පමණ බරක් ඉසිලිය හැකි අතර දිනකට මොවුනට 47 km  පමණ දුරක් ගමන්කල හැකිය. නමුත් බර උසුලාගෙන ගමන්කල හැකි වේගය පැයට කිලෝමීටර 4 ක් පමණ අඩු වේගයකි. අරාබි ඔටුවා සාමාන්යියෙන් මගී ගමනා ගමනයට යොදා ගන්නා අතර දිනකට කිලෝමීටර 161 ක් පමණ ගමන් කල හැක. මේ අනුව පෙනී යන්නේ ඔටුවා යනු අමිල සත්වයෙක් බවයි.

Tuesday, March 20, 2012

සුමිහිරි රස උල්පතක උපත කොකෝවා



චොක්ලට් සාදා ගනු ලබන්නේ කොකෝවාවලින් බව ඕනෑම අයෙක් දන්නා කාරණාවකි. එහෙත් ඉදුනු කොකෝවා කරලකින් ලබා ගන්නා හැපූවිට කිසිදු රසයක් නොඑන බීජ මගින් චොක්ලට් බඳු සුමිහිරි රසති ආහාරයක් සාදාගන්නේ කෙසේද යන්න ගැන ඔබ කිසිදිනෙක හෝ සිතා තිබේද? කොකෝ ඇට චොක්ලට් බවට පත්වීම තෙක් සිදුවන ක්රිකයාවලිය පිළිබඳව බොහෝදෙනාට ඇත්තේ අල්ප අවබෝධයකි. එහෙයින් චොක්ලට් නිෂ්පාදන ක්‍රියාවලිය හා ඒ අාශ්‍රිත පරාමිතීන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීම චොක්ලට් තරමටම නොවූවත් ඔබට රසවත් අත්දැකීමක් වනු ඇත.
චොක්ලට් සෑදීමට ගනු ලබන්නේ කොකෝවා ගසේ සෑදෙන කොකෝ බීජයි. කොකෝ ඵල වසරකට දෙවරක් නෙලනු ලැබේ. පුලුස්සා පොතු ඉවත්කොට ගත් කොකෝ බීජ අධික උෂ්ණත්වයකට ලක්කලවිට උකු දියරයක් ලැබේ. මෙය චොක්ලට් ද්‍රාවණය ලෙස හඳුන්වන අතර මෙම ද්‍රාවණය කොකෝවා බටර් හා කොකෝවා පිටි ලෙස වෙන්කරගනු ලැබේ.

ලංකාවේ බහුලවම පරිබෝජනය කෙරෙන මිල්ක් චොක්ලට් හෙවත් කිරි අඩංගු චොක්ලට්වල යොදය ‍හෝ වෙනත් කිරි නිෂ්පාදන හා සීනි අඩංගු වන අතර චොක්ලට් ද්රාචවණයෙන් 10%ක් ඇතුලත්කොට තිබිය යුතුය.
ගුණයෙන් වැඩි යැයි සැලකෙන තද පැහැති චොක්ලට්වලද මිහිරි-කටුක මශ්‍ර රසැති හා අඩ පැණි රස චොක්ලට්වලද අවම වශයෙන් චොක්ලට් ද්‍රාවණය 35%කින් අන්තර්ගත විය යුතුය.
බොහෝ දෙනා ප්‍රිය කරන මිල අධික සුදු පැහැති චොක්ලට්වල චොක්ලට් ද්‍රාවණය අඩංගු වන්නේ නැත. ඒ වෙනුවට එහි ඇත්තේ බටර්, සීනි, කිරි නිෂ්පාදන හා රසකාරක වේ. සුදු පැහැති චොක්ලට් අවම වශයෙන් කොකෝවා බටර් 20% වත් අඩංගු විය යුතු අතර සීනි ප්‍රමාණය 55% නොඉක්මවිය යුතුය. විද්‍යුත් නාසිකාව (Electronic Nose) යනුවෙන් හැඳින්වෙන උපකරණයක් මගින් චොක්ලට්වල සුවඳ ඇගයීමට ලක්කරනු ලැබේ.

 චොක්ලට් පිරිසැකසුම්කරණ ක්‍රමවේදය තුළ කොකෝවා බීජ පුළුස්සා ගැනීම එහි සෞඛ්‍යරක්ෂිත බව රැකගැනීම සම්බන්දයෙන් අනුගමනය කරනු ලබන වැදගත් පියවරක් ලෙස සැළකිය හැකිය. මෙමගින් කොකෝ බීජවල අඩංගු සැලේමානෙල්ලා වැනි ව්‍යධිකාරක ඉවත්කරනු ලැබේ. 

Wednesday, March 14, 2012

මනසට ඔසුවක් වූ සංගීතය



සංගීතය යනු ප්‍රබල කලා මාධ්‍යකි. ඒහි ඒන ගීතය ෙසෘන්දර්යාත්මක ගුණෙයන් පිරිපුන් අපූර්ව ෙග්ය පද සිත්තමකි.සංගීතය තුළින් පුද්ගලයා හට කල හැකි සමාජ විද්‍යත්මක බලපෑම අති සංකීර්ණ පුළුල් පරාසයක දිව යන්නකි. සංගීත විෂය ෙලා්ක සංස්කෘතික රාමුව තුළ සංෙව්දී සංයුක්ත ෙකාටසක් වන අතර මානව සමාජ හැසිරීම් හා ගති ලක්ෂණ ප්‍රකට කරන්නකි.


සංගීතය ඒක් පුද්ගලයකුෙගන් තවත් පුද්ගලයකුට මානසික සංෙව්දී තාවය පරාවරථනය කිරිමට සමත් විෂය ක්ෙෂ්ත්‍රයකි.සංගිතෙෙයහි දාර්ශනික හා කාර්තික පදනම ඉතා ප්‍රබල ෙලස සාමාජයට  මුසු කිරිමට  පුද්ගල සමාජයට මුසුකිරිෙමන් පුද්ගල සමාජ සංෙශා්ධනයක්  හා බුද්ධිමත් ෙසෟන්දර්යක් අතිකල හැකිය. සංගිතෙයහි භාවාත්මක ගුණය, ශරීරෙය් රිද්මෙය් ගැලපීම, සංගීතෙය් අැති ශක්ති සම්ෙප්‍ර්ශන ගුනය භාවාත්මක හා මානසික සිතුවිලි හරහා ශරීරෙය් නියුෙරා්න පද්දතියට බලපෑම් කිරීෙම් හැකියාව අභිෙප්‍ර්රණය හැකියාව වැනි සංගීතෙය් ගුනාංග මානසික අාතතිය අැති පුදගලයන්ට සංගීත ප්‍රතිකර්මෙය්දී විද්‍යාත්මක ක්‍රමෙව්දයන්ට අනුව ෙයාදා ගැෙන්. ෙලාව පවත්නා සංගීත පද්ධති අතුෙරන් ප්‍රතිකාරාත්මක සංගීතයක් ෙලස උත්තරභාරතීය ඉපැරණි සංගීතය හදුන්වා දිය හැකිය.


වර්තමානෙය් මෙනා විද්‍යා පර්ෙය්ෂකෙයා්  ෙසායාෙගන අැති පරිදි සංගීතය කායික ප්‍රතිකාරයක් ෙලස ෙමන්ම මානසික ප්‍රතිකාරයක් වශෙයන්ද ෙයාදාෙගන අැත.


ශාස්ත්‍රීය සංගීතෙය්දී පැරණි සෘසිවරැන් ෙසායාෙගන අැත්ෙත් " ඔ්ම් කාරය" මගින් ශරීරෙය් වන්නාවූඅාෙව්නික නාදය අන්නාදය වන බවයි. ගැඹුරු හඬින් ඔ්-උ-ම් ෙලස ගැයීම හරහා වන්නාවූ ශක්ති කම්පනෙයන් නිසා ශරීරෙය් ශක්ති ෙලස උත්ෙත්ජනය වන බවද පැරණි සෘෂිවරුන් ෙසායාගත් ෙසායාගැනීමකි.


ඒම උත්ෙත්ජනය මගින් ශරීරෙය් විෂ සංඝඨක තැන්පත් වීම හා ශක්ති පාලනය මවන අවහිරතා ඉවත්ව විභව ශක්තිය ශරීරය හරහා ගමන්කර ශරීර අවයව නිෙරා්ගී වීම සිදුෙව්. ෙමය සංගීත ප්‍රතිකාරෙය් ප්‍රථම පියවර ෙලස සැලෙක්.


විශාදය, නිද්‍රා ස්භාවය අැති මානසික ෙරා්ගීන්ට සතුට මතුවන රායක් ෙහා් සංගීත ඛන්ඩයක් දිනපතා ශ්‍රවනය කිරීම තුළින් සනායු සම්ෙප්‍ර්ශන ද්‍රව්‍ය නිසකෙයන්ම ලැෙබන බව සත්‍ය කරුණකි. භාවාත්මක සංගීතය, උසස් ශාස්ත්‍රීය සංගීතය ශවනය මගින් ෙමවැනි මානසික විපර්යාස කල හැකි බැව් නවීන ෙෙවද්‍ය විද්‍යාව පවා පිළිෙගන තිෙබ්.


බටහිර සංගීතය ෙලස වර්තමානෙය් ප්‍රසංග ෙව්දිකාව තුළ තිෙබන සංගීතය සැබෑම සංගීතය ෙනාෙව්. ඒය ෙදවන ෙලා්ක යුද්ධසමෙය් අාඤාදායක අැෙඩාල්ෆ් හිට්ලර් විසින් යුධ මානසිකත්වය ජර්මනිෙය් අැති කිරීමට හදුන්වා දුන් සංගීතයයි.


හිට්ලර් මියයාමට ෙපර ප්‍රකාෂ කෙල් "අපි පරාද නැහැග මිය ගියද මම ප්‍රචාරය කරප් යුධ සංගීතය දවසක ෙලා්කයම යුධ පිටියක් අැතිකරනවා " යනුෙවනි. ඒලිමහන් සංගීත සංදර්ශන වලදී තරුණයන් ගහ මරා ගැනීෙමන්ම හිට්ලර්ෙග් කියමන මනාව ප්‍රත්‍යක්ෂ ෙනාවන්ෙන්දග ඒම සංගීතය ශරීරය තුළ අැතිකරන අාෙව්ගය ඉන් ප්‍රකට ෙකෙර්.

Tuesday, March 6, 2012

අම්මා

පුන් සද අවට
තරු කැට දහසක්
පායා තිබුනමුත්..
ඒ සදට ඒළිය දුන්
හිරු..
ඹබයි අම්මා..