Sunday, March 24, 2013


භාවනා කරන්න ගිහින් වෙච්ච දේ....

බොහොම කාලෙකින් බ්ලොගිය පැත්තෙ එන්න බැරිවුනා. වෙලාවක්  නැහැනේ. ඒත් මේ ළඟදි අපේ කන්තෝරුවෙ අක්ක කෙනෙක්ට වෙච්ච වැඩක් ඇවිල්ල එයා අපිත් එක්ක කිවුවා. පට්ටම සීන් එකක් වෙලා තියෙන්නෙ.
අක්කට මේ දවස්වල හෙනටම ප්‍රශ්න වගයක් නිසා හිත ටිකක් කරදරෙන්ලු. ඉතිං අක්ක කල්පනා කරාලු භාවනා කරල හිත ටිකක් සැහැල්ලු කරගන්න. එහෙම හිතල මෙයා වැඩ ඇරිල ගෙදර ගිහින් නාගෙන එහෙම මල් ටිකකුත් කඩාගෙන ගෙවල් ළඟ තියෙන පන්සලට ගියාලු. පොඩි දෙන්නත් එක්ක ගිහින් භාවනා කරන්න හම්බ‍වෙන්නෙ නැති නිසා පොඩි එවුන් දෙන්නව ගෙදර දාලලු ගියේ.
මල් එහෙම පූජා කරල මෙයා බෝ මළුවෙ වාඩි වුනාලු දෙයියනේ කියල භාවනා කරන්න හිතාගෙන. අම්මට සිරි එතකොටලු දැක්කෙ අක්කලගෙ අම්ම පොඩි එවුන් දෙන්නවත් එක්කගෙන මෙයාගෙ පස්සෙන්ම පන්සල් ඇවිල්ලලු. හැබැයි අක්කට පේනවට ‍බෝ මළුවෙ අනිත් පැත්තට වෙතා ඉන්නවලු.  අක්කට මේක දැක්කම මරු ජුවල්ලු. දැන් ඉතිං හරිනේ භාවනා කරල හමාරයිනේ කියල හිතුනලු. ‍හැබැයි අක්කලාගෙ අම්ම දැක්කෙ නැතිලු අක්ක එයාව දැක්ක කියල ඒනිසා අක්ක නොදැක්කා වගේ හිටියලු. අම්මට අක්කව නොපෙනුනාට අක්කා ඉන්න තැනට අම්මව පේනවලු.
දැන් තමා සිද්දියේ නැගලම යන හරිය. අක්කාගෙ පොඩි දෙන්නත් ආච්චිඅම්මගෙ දෙපැත්තෙන් වාඩි වෙලා වඳිනවලු. වැඳගෙන ඉන්නගමන් මුන් දෙන්න රණ්ඩු වෙනවලු. එකෙක් අනිකට ඇඟිල්ලෙන් අනිනවලු අනිකා පයින් ගහනවලු ආච්චිට වඳින්නත් නැතිලු. ආච්චිඅම්ම නමෝතස්ස....භගවතෝ... කියල කියාගෙන එනකොට මුන් දෙන්න එක්කො වලියක්ලු නැත්නම් මොකක්හරි කියල කිචි කිචි ගාල හිනා වෙනවලු. ආච්චිත් ගාථා කියන ගමන්ම පොඩි දෙන්නට සැර කරනවලු කට වහගෙන හිටහල්ල ළමයිනේ... කියල ආයෙත් ආච්චි ගාථා කියනවලු මුසාවාදා වේරමනී..... ඔන්න ආයෙත් දෙන්න කෙලගන්නවලු. ආයෙත් ආච්චි පොඩි එවුන්ට බනිනවලු යකෝ මුන්ට පන්සලට ඇවිල්ලත් එක විදිහකට ඉන්න බැහැනේ... කියල. දැන් ආච්චිට ගාථාවේ කියකිය හිටපු හරියත් මතක නෑලු. මොකද පොඩි එවුන්ගෙ වලි බේරනවා මදිවට අක්කා දිහාවෙත් හොරෙන් හොරෙන් විපරම් කරල බලන්න එපායැ. ඔන්න ආච්චි අම්මා පානාති පාතා.......මුල ඉඳන් යනවලු. අක්කටත් දැන් මොන භාවනාද අක්කලාගේ අම්ම අක්කගෙ ඔත්තු බලන්න ඇවිල්ල දෙන ආතල් එක ඊට වඩා සුපිරිනෙ. ආච්චි අම්මත් පොඩ්ඩො දෙන්නව මොන කට්ටක් කාල හරි එයාගේ ළඟින්ම වාඩි කරගෙන ඉන්නෙ මුන්දෙන්න අක්ක ළඟට ගියොතින් ආච්චි අම්මව මාට්ටුනේ රහස් ඔත්තු සේවය කපෝතියි එහෙනම්.

ආ.. මට මුලින් කියන්න අමතක වුනා අක්කලාගෙ ගෙදර ඉන්නවලු බලු පැටියෙක්. මේකා අක්කලාගෙ අම්මට හරිම ආදරෙයිලු මූට කන්න බොන්න දීල නාවල එහෙම තියාගන්න නිසා. ඉතිං මේ බලු පැටියත් අම්මගේ පස්සෙන්ම යන්වලු යන යන තැනටම. එදා පන්සලටත් ඇවිල්ලා අම්මාගෙ කකුල් දෙක ළඟටම වෙලා ඉන්නවලු. මේ අතර කොහොමහරි පන්සලේ  ඉන්න බල්ලෙක් දැකල මේකව කන්න පැනල. මූත් පැටියනේ බයවෙච්ච පාරට ආච්චි අම්මගෙ ඔඩොක්කුවට පැනල. නිකම්ම නෙමේ වැලි පිටින්ම. ආච්චිගෙ සුදු රෙද්දෙ දිගට හරහට දැන් බලු අඩිලු. ආච්චිට මල පැනපු පාර ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද කියලත් අමතක වෙලාලු. එතන තිබුන ඉදලකුත් අරගෙන බල්ලට ගහන්න බෝ මළුවෙ වටේම එලවනවලු. අක්ක කියනවා වෙනදා අක්කව දැක්ක ගමන් කෙඳිරිගගා කකුල් දෙකම අතගාගන්නවලු ආතරයිටීස් කියල. හැබැයි ඒ වෙලාවෙන්ම් ඒව කොහේ ගියාද නැතිලු එකසිය ගානට පාගල බල්ලව එලවනවලු. අක්ක කියනවා මල්ලි අපේ අම්ම එදා නම් දිවුවෙ සුසන්තිකාටත් වැඩිය හයියෙන් කියල. අක්කා කියනවා මුන් එක්ක කොහොමද මල්ලි භාවනා කරන්නෙ හැබැයි භාවනා කරා වැඩිය හිත  සැහැල්ලු වුනා අපේ අම්ම මේ දීපු ආතල් එකටකියල. අපිටත් ඉල ඇදෙනකම් හිනා මේ කථාව අහල. දැනටත් අක්කව හම්බ වුනාම නිකමට වගේ අපි අහනවා භාවනා කරන්න එහෙම ගියෙ නැද්ද කියලා. කවදාවත් එයා බණින්නෙ නෑ එහෙම ඇහුව කියල. නිතරම හිනා වෙලා විහිලුවෙන් ඉන්නෙ මොන ප්‍රශ්නයක් ආවත්. එහෙම වෙලාවට එයා කියන්නෙ පිස්සුද මල්ලි අපේ අම්මා බෝ මළුවේ මීටර් සීය දුවල එක්කො කොන්ද කඩාගන්නවා නැත්නම් පන්සලේ බල්ලට කියල කවා ගන්නවා. මේ දෙකෙන් කොයික වුනත් අම්මට වැඩිය මම එපායැ විඳවන්න. ඒක හින්ද භාවනාව නවත්තල දැම්ම කියලා.

පට්ටයි නේද ආයෙත් දවසක එහෙනම් කථාවක් අරගෙන එන්නම්. කථාව කියවල හිමීට ෂේප් වෙනනෙ නැතුව කොමෙන්ටුවක් එහෙම දාල යන්නකො එහෙනම්.

6 comments:

  1. මෙන්න මලී කාලෙකින් ආයෙමත් ඇවිල්ලා..ඇත්තටම සතුටුයි. ආ.එක ගැන . දැන් ඉතින් රසකතා අරන් හැකිවෙලාවට මේ පැත්තේ එන්න..

    ReplyDelete
    Replies
    1. අනිවා.... වෙලාවක් ලැබෙන හැටියකට. ස්තූතියි රත්නෙ අයියෙ මේ පැත්තෙ ගොඩ වැදුනට

      Delete
  2. හොකෑස්........ පානාතිපාතා වේරමනී.......... ඈ... ඔහෙ හිටු පර බල්ලා...........


    හිකි හිකි.. මට මැවිලා පේනවා අප්පා... ලෙසටම ලියලා තියෙනවා... ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මේ පැත්තෙ ඇවිත් සපෝට් එකක් දුන්නාට.

      Delete
  3. වෙහෙස යන්න හිනා වෙන්න මරු කතාව! ආ . . . යසිත් අයියත් මේ පැත්තේ ඇවිත් තියෙන්නේ. අක්කගේ හිත කෙසේ වෙතත් අම්මගේ හිත නං යස අපූරුවට සන්සුන් වෙන්න ඇති. නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. අනිවා...මොකද අක්කලාගෙ අම්මටත් ඕනේ කාත් එක්කහරි කොක්කක් දාගන්න. බල්ලා හරි කමක් නැ. ඉතිං ඔයාටත් ගොඩක් ස්තූතියි.

      Delete